2020 වසරේ සුපිලිපන් රාජ්‍ය නිලධාරියා තේරීමේ දී හොඳම රාජ්‍ය නිලධාරීන් 05 දෙනා අතරින් වැඩිම ජනතා කැමැත්ත දිනාගත් රාජ්‍ය නිලධාරිනිය ලෙස ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මිය අද (24) සම්මානය දිනාගත්තාය. සම්මාන උළෙල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් මෙහෙයවූ මෙම තරඟයේ දී අවසන් වටයට එම ආයතනයේ නිර්ණායකයන් අනුව පස්දෙනකු ජයග්‍රාහකයන් ලෙස තෝරාගෙන තිබිණි.
ඒ අනුව 2020 වසරේ සුපිලිපන් රාජ්‍ය නිලධාරීන් ලෙස, මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් සහ සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් චමිලා අතපත්තු මහත්මිය, වන සත්ව අඩවි සහකාර චමින්ද අත්තනායක මහත්මිය, මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා, ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් ඉනෝකා හිමාලී රත්නවීර මහත්මිය, යාපනය ප්‍රාදේශීය ලේකම් සාම්බසිවම් සුදර්ශන් මහතා යන රාජ්‍ය නිලධාරී නිලධාරිනියන් නම් කර තිබිණි.
ඉන් අනතුරුව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මගින් එස්.එම්.එස්. මත විමසුමක් පවත්වා එම පස් දෙනා අතරින් වැඩිම මහජන ප්‍රසාදය දිනාගත් රාජ්‍ය නිලධාරියා තේරීම සිදුකළ අතර එම සම්මානය ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් ඉනෝකා හිමාලී රත්නවීර මහත්මියට හිමිවිය.
සම්මාන ප්රදානය සිදුකරන ලද්දේ සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සුරතිනි. ඒ සඳහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක අධයක්ෂිකා නදීෂානී පෙරේරා මහත්මිය ද සහභාගී වී සිටියාය.
සිරංගිකා ලොකුකරවිට